spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලොව සුපතල සංගීත වැඩකරුවෙකු වන ඒ. ආර්. රහුමාන්ව පසු කළ අපේ “මැණිකේ”, යළිත් වාර්තා අතරට

ඒ. ආර්. රහුමාන් කියන නම ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ. ඉන්දියාවේ සුපතල ගී බොහෝමයක “නිහඬ වැඩකරු” වන රහුමාන්ගේ අපූර්ව සංගීතය ඉන්දියාවේ විවිධ මාදිලියේ චිත්‍රපට ගණනාවකින් අපට හමුවනවා.කොහොම වුණත් මේ කතාව රහුමාන් ගැන නෙවෙයි. රහුමාන්වත් පසු කරන් ගිය, අපේ රටේ කෙල්ලෙක් වන, “යොහානි ද සිල්වා” ගැනයි.

“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ජාත්‍යන්තරයෙත් ජය කෙහෙළි නැංවූ “යොහානි”, මීට මොහොතකට පෙර ඒ. ආර්. රහුමාන්ගේ යූටියුබ් අනුගාමිකයින් (subscribers) ගණන පසු කර යාමට සමත්ව තිබෙනවා.

මිලියන 2.93ක අනුගාමීකයින් පිරිසකට හිමිකම් කියන රහුමාන්ව පසු කළ යොහානි මේ වන විට අනුගාමිකයින් මිලියන 2.96කට හිමිකම් කියනවා.මේ තැබූ නව වාර්තාව වෙනුවෙන් ගොසිප් ලංකා නිව්ස් අපෙන් යොහානිට උණුසුම් සුබ පැතුම්…!!

245698647 1966623910162354 1144282656792143847 n
245796153 261731972542330 6175365130387510891 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
215
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?