ලක්ෂ 40ක විදෙස් දුම්වැටි සමඟ කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් හතලිස් දෙලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගී කාන්තාවක් අද (29) දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය 40 හැවිරිදි වියේ පසුවන චීන ජාතික ව්‍යාපාරික කාන්තාවක් බවයි වාර්තා වන්නේ

සැකකාරිය අද අලුයම 12.30 චීනයේ කුංමිං නුවර සිට, චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6017 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 28,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 140 ක් සගවා ගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්, මෙම ගුවන් මගී කාන්තාව අත් අඩංගුවේ තබා ගෙන , මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25