ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් ධාවනය වෙමින් තිබියදී එහි දකුණු ඉදිරිපස රෝදය ගැලවී යාමෙන් ඊයේ පස්වරුවේ අසල වෙළෙඳසැලකට අලාභ හානි සිදුවී තිබෙනවා.
යටියන්තොට සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක රෝදය මෙලෙස ගැලවී ගොස් තිබෙන අතර
ගැලවී ගිය රෝදය නිසා ත්‍රිරෝද රථයකට සහ පරිගණක අලුත්වැඩියා කරන ස්ථානයකට හානි සිදුවී තිබෙනවා.
කිසිවෙකුට හාණියක් සිදුවී නැති අතර කඩ හිමියා සහ ත්‍රිරෝද රථ හිමිකරු විසින් රෝදය යටියන්තොට පොලිසියට භාරදී ඇති අතර සිදුවූ අලාභයට වන්දි නොගෙවා බස් රථය එම ස්ථානයෙන් ඉවතට ගෙන යාමට ඉඩ නොදෙන බවද කියා සිටියා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
2
+1
+1
1
+1
1



