ලංකා වාණිජ මණ්ඩල සභාපති සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

ලංකා වාණිජ මණ්ඩලය සහ ජාතික ජන බලවේගය අතර හමුවක් ඊයේ (01) පස්වරුවේ සිදු ව තිබෙනවා.

මෙම හමුව සිදු ව ඇත්තේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේ දී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව ඇතුළු නියෝජිත පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර යි.

ලංකා වාණිජ මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද ‘Vision 2030 – පස් අවුරුදු ආර්ථික සැලැස්ම’ ප්‍රකාශනයේ පිටපතක් මෙම අවස්ථාවේ දී ජාතික ජන බලවේගය වෙත ලබාදීම සිදු කෙරුණා.

මේ අවස්ථාව සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නියෝජ්‍ය උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රී සහ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින් වන අමල් කබ්රාල්, සරත් ගනේගොඩ, සුපුන් වීරසිංහ, විනෝද් හයිඩ්‍රාමනී යන මහත්වරු ඇතුළු පිරිසක් ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත සහ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන පිරිස් ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09