ඉන්දියාවේ TCS සමාගම සමඟ දැවැන්ත ගිවිසුමකට Porsche සමාගම අත්සන් තබයි

ජර්මානු සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදක Porsche සමාගම, සිය ව්‍යාපාරික ක්‍රියාවලිය පුරා කෘත්‍රිම බුද්ධිය භාවිතය ව්‍යාප්ත කිරීමේ අරමුණින් ඉන්දියානු තොරතුරු තාක්ෂණ යෝධයකු වන ටාටා කන්සල්ටන්සි සර්විසස් සමාගම සමඟ යුරෝ බිලියන 1.25ක පස් අවුරුදු උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළඹ තිබෙනවා.

මෙම ගිවිසුම යටතේ Porsche සමාගමේ ඉංජිනේරු, නිෂ්පාදන, මෙහෙයුම් සහ පාරිභෝගික සේවා අංශය ආවරණය වන පරිදි කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සක්‍රියව යොදාගැනීමට නියමිතයි.

තවද, නූතන මෝටර් රථ තාක්ෂණයන් සහ මෘදුකාංග පාදක කරගත් ගමනාගමන පද්ධති සංවර්ධනය කිරීම කෙරෙහි ද මෙම තාක්ෂණික සන්ධානය විශේෂ අවධානයක් යොමු කරනවා.

මෙම පුළුල් එකඟතාවයේ කොටසක් ලෙස, Porsche සමාගමට අයත් මෝටර් රථ සහ තොරතුරු තාක්ෂණ උපදේශන අනුබද්ධිත සමාගමක් වන MHP සමාගම යුරෝ මිලියන 320ක ව්‍යවසාය වටිනාකමකට මිලදී ගැනීමට TCS සමාගම පියවර ගෙන තිබෙනවා.

මෙම අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය ඉදිරි මාස 3ත් 4ත් අතර කාලය තුළ සම්පූර්ණ කිරීමට අපේක්ෂිතය. MHP සමාගම යනු මෝටර් රථ සහ කාර්මික ක්ෂේත්‍රයේ ව්‍යාපාරික උපදේශනය මෙන්ම මෘදුකාංග පාදක ගමනාගමන විසඳුම් සම්බන්ධයෙන් විශේෂඥතාවක් දක්වන ආයතනයක්.

චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගෙන් එල්ල වන දැඩි තරගකාරීත්වය, පනවා ඇති බදු සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක මෝටර් රථ තාක්ෂණය වෙත සංක්‍රමණය වීමේදී දැරීමට සිදුවන අධික පිරිවැය හමුවේ, පෝර්ෂේ සමාගම සහ එහි මාපිය සමාගම වන Volkswagen සමූහය මේ වන විට පිරිවැය පාලනය කිරීමේ සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමේ නිරතව සිටිනවා.

එමෙන්ම, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ පැමිණීමත් සමඟ ගෝලීය තොරතුරු තාක්ෂණ බාහිරසූත්‍රකරණ ක්ෂේත්‍රය සීඝ්‍ර වෙනසකට ලක්වෙමින් පවතින පසුබිමක, මෙම ගිවිසුම TCS සමාගමට ද ඉතා වැදගත් ව්‍යාපාරික සන්ධිස්ථානයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27