නේපාලයේ නුවකොට් සහ ධාඩිං දිස්ත්‍රික්ක හරහා බෝට් කෝෂි ගඟේ ඇති වූ හදිසි ගංවතුරක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තවත් 400 කට ආසන්න පිරිසක් අතුරුදන්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ටිබෙට් දේශසීමාවේ සිය පැමිණි මෙම ගංවතුරෙන් නේපාලයේ ගම්මාන කිහිපයක්ම ගසාගෙන ගොස් ඇති බවයි.
නේපාලයේ මධ්‍යම පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අබිනාරායන් කෆ්ලේ උපුටා දක්වමින් නේපාල ප්‍රවෘත්ති වාර්තා කළේ, මේ වන විට නුවකොට් සහ ධාඩිං දිස්ත්‍රික්කවලින් අවම වශයෙන් මළ සිරුරු අටක් සොයාගෙන ඇති බවයි.
ඊට අමතරව විදේශිකයන් 291 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 93 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 384 දෙනෙකු ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස අතුරුදන් වූවන් අතර නේපාල පොලිස් නිලධාරීන් 26 දෙනෙකු සිටින අතර, ඉන්දියානු ජාතිකයන් 105 දෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වර්ත් කරනවා.
මේ අතර නේපාල හමුදාව, හෙලිකොප්ටර් යානා සහ ආපදා ප්‍රතිචාර දැක්වීමේ නිලධාරීන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලය යොදවා ඇති බව වාර්තා වනවා.













