AFC Banner
Empty Ad
Empty Ad

ලංකා ජාතික ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂයේ සහාය අනුරට

ලංකා ජාතික ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂය මෙවර ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායකට සහාය ලබාදීමට තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ නායක සහ සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති නාරා.ටී. අරුන්කාන්ත් මේ බව ප්‍රකාශ කළේමහනුවර ඩෙවෝන් රෙස්ට්හි දී අද ( 12) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ මොහොත වන විට විශාල වශයෙන් ජාතික ජන බලවේගය වටා විශාල සිංහල ජනතා රැල්ලක් ගොඩනැගෙමින් පවතින බවයි ඒ මහතා කියා සිටියේ.

ඒ නිසා ලංකා ජාතික ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂය වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් අනුර කුමාර දිසානායකට සහාය දීමට තීන්දු කළ බවත්; වංචාව, දූෂණයෙන් තොර රජයක් පිහිටුවීමට ජාතික ජන බලවේගය යටතේ ආණ්ඩුවකට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
3
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?