රුසියානු නියෝජ්‍ය විදෙස් කටයුතු ඇමති දිවයිනට

රුසියානු ෆෙඩරේෂනයේ නියෝජ්‍ය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය අන්ද්‍රේ රුඩෙන්කෝ ( Andrey Rudenko ) ශ්‍රී ලංකාවේ 05 දින නිල සංචාරයක් සදහා අද (31) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

එතුමා සමග එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීවරයෙක් ද දූත පිරිස ලෙස පැමිණ සිටියා.

ඔවුන් අද (31) දින සවස 04.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔවුන් පිළිගැනීම සදහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු , ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted