ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග, ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළිත් වරක් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.
පසුගිය දා ස්විට්සර්ලන්තයේ ලොසෑන්හි පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12 වන අදියරේ දී දැක්වූ දක්ෂතාව හේතුවෙන් රුමේෂ් එම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.
ජර්මනියේ ජූලියන් බෙබර් දෙවැනි ස්ථානය පසු කරමින් රුමේෂ් තරංග නැවත වතාවක් ප්‍රථම ස්ථානයට පැමිණ තිබුණා.













