කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ තෝලංගමුවේ දී අද (10) පස්වරු 05.40ට පමණ සිදු වූ රිය අනතුරකින් එක් දරු පියෙකු ජීවිතක්ෂයට පත් වුණා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කෑගල්ල දෙස සිට වරකාපොළ දෙසට ධාවනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් වෙනත් වාහනයක් ඉස්සර කිරීමට උත්සාහ කිරීමේ දී එම රථය පාලනයෙන් මිදී ගොස් පෙරලී, ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ආ කැබ් රථයක ගැටී ඇති බවයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථය පැදවු එක්දරු පියෙකු වන නෙළුන්දෙණිය – ගස්නාවත්ත පදිංචි 39 හැවිරිදි වෙල්ලසාමි ශීවපුණ්‍යරාසා නමැති අයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
1
+1
6
+1
+1