දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම ගැන අවවාදාත්තමක නිවේදනයක්

නැගෙනහිර පළාතේත් පොලොන්නරුව, යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල හෙට (26) දිනයේ දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට (26) පස්වරු 04.00 දක්වා වලංගු වන පරිදි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දෙනවා.