රවී සෙනෙවිරත්නට විරුද්ධව නඩු විභාගය නැවතත්

බීමතින් රිය පදවා 2023 වර්ෂයේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේ දී අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට විරුද්ධව පෙර ගොනු කර පැවති චෝදනා තුන යටතේම නැවත නඩුව විභාගයට ගැනීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය අද (14) නියෝග කළා.

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බීමතින් පැදවූ මෝටර් රථය පසුගිය 2023 වර්ෂයේ ඔක්තෝම්බර් මස 28 වන දින වැල්ලවත්ත සමුද්‍රිය මාවතේ නවතා තිබූ තවත් මෝටර් රථයක සහ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබුණා.

තමාව අසාධාරණ ලෙසට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට රවී සෙනවිරත්ත මහතා විසින් කරන ලද පැමිණිල්ල විභාග කර ඒ සම්බන්ධ වාර්තාව නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතාට භාරදීමෙන් අනතුරුව තවදුරටත් විමර්ශනය කර මෙම නඩුවේ විස්තර ඇතුළත් වාර්තාවක් උපදෙස් පතා නීතිපති වෙත යොමු කර තිබූ අතර නීතිපතිගේ උපදෙස් අනුව පළමු වන චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම හැර 2,3 චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා ඉවත් කිරීම සුදුසු බවට නීතිපතිතුමා විසින් නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතාට ලබා දී තිබූ නීතිපති උපදෙස් ඍජුව මහේස්ත්‍රාත් අධිකරණයට යොමු නොකොට නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතාට යොමු කර ඒ අනුව වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ගොනුකරන ලද සංශෝධිත චෝදනා පත්‍රය අධිකරණයට භාර ගැනීමට හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරමින් පෙර ගොනු කර තිබූ 1,2,3 යන චෝදනා යටතේම ජුනි මස 25 වන දින නඩුව විභාගයට ගැනීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

චූදිත වෙනුවෙන් නීතිඥ චන්දන පෙරේරා හා නීතිඥ වරුණ ජයසිංහ යන මහත්වරුන් පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54