රන්මාල සහ දේපළ කොල්ලකෑමේ ජාවාරමකට සම්බන්ධ තිදෙනෙක් මාට්ටු

පෑලියගොඩ, බකිණිගහපිල්ලෑව පාලම අසළදී කැලණිය අපරාධ විමර්ශනය කොට්ඨාසය විසින් සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්රෑම් 11යි මිලි ග්‍රාම 500ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කොලොන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙක් බවයි වාර්තාවන්නේ.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයන්ගෙන් අනාවරණය වී ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමේ සිද්ධීන් රැසකට මොහු පොලිසියට අවශ්‍යව සිටි අයෙක් බවයි.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සොරාගන්නා ලද රන් භාණ්ඩ බැහැර කිරීම සඳහා සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙක් පිළිබඳ අනාවරණය වූ තොරතුරු මත ඔවුන් දෙදෙනාවද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

වයස අවුරුදු 45ක කාන්තාවක් සහ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට පත් වී තිබෙනවා.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ද සොරකම් කරන ලද කරාඹු ජෝඩුවක් ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සැකකරුවන් දෙදෙනා සහ අදාළ සැකකාරිය පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කර ඇති අතර පෑලියගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශනයන් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54