AFC Banner
AFC Banner
Empty Ad

රත්නපුරයේ පාසල් දරුවෙක් අතුරුදන් – CCTV දර්ශන හමුවේ

රත්නපුර, මලංගම, ආටිගල මාවතේ පදිංචි 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් සිසුවෙක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති එම දරුවා ඉකුත් 24 වන දා සිට අතුරුදන්ව ඇති බව දෙමාපියෝ පවසති.

කෙසේවෙතත් එම දරුවා නිවසින් බැහැරව යන ආකාරය අසල වු CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.

දරුවා කුමන හේතුවක් මත නිවසින් බැහැරව ගොස් ඇත්දැයි සිතා ගත නොහැකි අතර මේ වන විට සියලූම ඥාතීන්ගේ සහ මිතුරන්ගේ නිවෙස්වල දරුවා සෙවු බව ද අතුරුදන් වු දරුවාගේ පියා පවසයි.

“24 වෙනිදා උදේ ගෙදරින් කතා කරලා කිව්වා පොඩි පුතා නෑ කියලා. ඊට පස්සේ හොයන්න තියෙන හැමතැනම හෙව්වා. දරුවාට කිසිම ලෙඩක් තිබුණේ නෑ. දැනුවත්ව කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් දරුවා ගෙදරින් ගිහින් තියෙනවා. දැන් හැමතැනම හොයනවා නමුත් කිසිම හෝඩුවාවක් නෑ, මම ඉල්ලා සිටිනවා මගේ දරුවාව දැක්කොත් දැනුම්දෙන්න කියලා.“

අතුරුදන් වු දරුවාගේ පියා මඩකලපුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන නිලධාරියෙකි.

දරුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් රත්නපුර පොලීසියට සිදුකළ පැමිණිල්ල මත මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?