පැහැර ගැනීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළා.
අධිකරණය හමුවට ඉදිරිපත් කළ රතන හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් දස දහසක මුදල් ඇපයක් මත මුදා හැරීමටයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ.
2020 මහ මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පුජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් රතන හිමියන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබු අතර උන්වහන්සේ අධිකරණය මඟහැර සැඟව සිටියා.
ස්ථාන කිහිපයක පොලිසිය සෝදිසි මෙහෙයුම් සිදු කළ උන්වහන්සේ සොයා ගැනීමට නොහැකි බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
පසුව නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තුද නිකුත් කර තිබු පසුබිමක ඉකුත් 29 වැනිදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට පැමින භාර විමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළා.





