පුජ්‍ය අතුරලියේ රතන හිමිට ඇප නියම වෙයි

පැහැර ගැනීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළා.

අධිකරණය හමුවට ඉදිරිපත් කළ රතන හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් දස දහසක මුදල් ඇපයක් මත මුදා හැරීමටයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ.

2020 මහ මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පුජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් රතන හිමියන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබු අතර උන්වහන්සේ අධිකරණය මඟහැර සැඟව සිටියා.

ස්ථාන කිහිපයක පොලිසිය සෝදිසි මෙහෙයුම් සිදු කළ උන්වහන්සේ සොයා ගැනීමට නොහැකි බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

පසුව නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තුද නිකුත් කර තිබු පසුබිමක ඉකුත් 29 වැනිදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට පැමින භාර විමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියන්ව විනාශ කරපු අය දැන් ගොවියන්ව පාවිච්චි කරලා බලයට එන්න හදනවා
05:41
Video thumbnail
අල්ලස් ගත්ත සාජන්ට වැඩ වැරදුණු හැටි - කිසි සමාවක් නෑ දැඩි නීතිය ක්‍රියාත්මක කරනවා
03:14
Video thumbnail
අධිකරණ ඇමතිතුමා විහිළු කරනවා - නීතිඥවරුන්ව හෑල්ලුවලට ලක් කරනවා
09:02
Video thumbnail
අස්සවල් මුල්ලවල්වල පොලිසිය යතුරුපැදි ගහගෙන ඉන්න ඕනි නෑනේ - කාටවත් අල්ලස් දෙන්න එපා
02:31
Video thumbnail
ජනපති කිව්ව අවදානම ගැන නීතිඥ සංගමයේ සභාපතිගෙන් සැර කතාවක් - අධිකරණයේ ස්වාධීනත්වය උතුම් ආගමක්
02:49
Video thumbnail
ආණ්ඩුව එක්ක අපිට සටනක් නෑ..සටන්කාමී ලෙස අපි විරුද්ධ වෙනවා - ඉදිරි අනාගතයට කළු පැල්ලමක් මේක
06:16
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13