රටින් යන්න සැරසෙද්දී ඇල්ලූ කමාන්ඩෝ සමිදුගේ අනුගාමිකයාගෙන් තොරතුරු රැසක් එළියට

යුද හමුදා කමාන්ඩෝ බලකායේ සේවය කළ සෙබලෙක් විදෙස් ගතවීමට සූදානම්ව සිටිය දී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවවේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් ද ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමේ දී අනාවරණයකර ඇත්තේ; තමන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින්වන කෙහෙල්බද්දර පද්මේ, තම්මිට අවිශ්ක , කමාන්ඩෝ සලින්ත මෙන්ම ගනේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුවන සමිදු දිල්ෂාන් පියුමංග යන අයගේ අනුගාමිකයෙක් බවයි.

මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී සඟවා ඇති අවි ආයුධ කිහිපයක් පිළිබඳව ද තොරතුරු අනාවරණය කර තිබෙනවා.

එම තොරතුරුවල අනුව පන්නල ප්‍රදේශයේ සඟවා තිබිය දී විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සහ පතුරම් ගැබ් එකක් සමග ජීව උණ්ඩ 06ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

සැකකරු හෙට (11) දිනයේ මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23