රටම කතා කළ, ගිනිගත් නැව ගැන අලුත්ම කතාවක් එළියට එයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ නිළධාරීන් 7 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය නියෝග කළේ මොවුන් රුපියල් ලක්ෂ 25ක ශරීර ඇපයක් මත මුදා හැරීමටයි.

අද පෙරවරුවේ මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ නෞකාවේ අන්තරායකර ද්‍රව්‍ය නිසි පරිදි ඇසුරුම් සම්බන්ධයෙන් වූ කරුණු වසන් කිරීමේ චෝදනාව මතයි. පසුව දහවල් කොළඹ මහේස්ත්‍රතේ අධිකරණයට මොවුන් ඉදරිපත් කෙරුණා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ මාලික් අසීස් කියා සිටියේ පසුගිය මැයි මස 19 වනදා මෙම නෞකාවේ කපිතාන්වරයා ඇතුලු කාර්ය මණ්ඩලය විසින් දේශීය නියෝජිත ආයතනයට එහි බහාලුමක නයිට්්‍රක් අම්ල කාන්දුවක් ඇති බවට දැනුම් දී තිබූ බවයි.

නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීමට පෙර නෞකාවේ අන්තරායකර ඇසුරුම් පිළිබඳ වාර්තාවක් හාබර් මාස්ටර්ට ලබා දිය යුතුයි.

ඒ අනුව කපිතාන්වරයා ඒ බව දැනුම් දී තිබියදී දේශීය සමාගම එම තොරතුරු වසන් කර නෞකාවේ අන්තරායකර ද්‍රව්‍ය අඩංගු බහාලුම් නිසි ආකාරයෙන් ඇසුරුම් කර ඇති බවට හාබර් මාස්ටර් වෙත දැනුම් දී ඇති බවයි රජයේ අධි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ.

කෙසේ වෙතත් සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ නිළධාරීන් 7 දෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ ප්‍රකාශ කළේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පසුගිය 19 වනදා පැමිණියද එහි නයිටි්‍රක් අම්ල කාන්දුව 11 වනදා සිට පැවති බවයි.

එහෙත් මේ සම්බන්ධයෙන් තම සේවාදායක සමාගම දැන නොසිටි බවද ඔහු ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් මෙහි වැරැද්ද සිය සේවාදායකයින්ට ගැනීමට නොහැකි බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ.

මෙම දේශීය සමාගමේ සභාපතිවරයා වන අර්ජුන හෙට්ටිආරච්චි, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුලු සැකකරුවන් පස්දෙනෙකු මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර, ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 12 ක්.

මේ අතර ගිනිගත් නෞකාවෙන් මුහුදට එක්වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහිත මළු අද දිනයේදී අඟුලාන සහ උස්වැටකෙයියාව යන මුහුදු තීර වෙත ගොඩගසා තිබුණේ අයහපත් කාලගුණයත් සමඟ මුහුදේ ඇතිවූ රළු ස්වභාවය හේතුවෙන්.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ මලු ඇතැම් පුද්ගලයින් විසින් රැගෙන ගිය බවයි.එමෙන්ම නෞකාවෙන් මුහුදට එක්වූ කුඩා ප්ලාස්ටික් කැට විශාල වශයෙන් අද බටහිර වෙරළට ගොඩගසා තිබුණා.

  1. I am always writing the truth. As a principal, I don’t believe in the present government for its corruption. The thing is if there a huge amount of money paid by the shipping line, the corrupted politicians will deposit this amount in their accounts.

  2. Local Agent Sea Consortium owner and Ali baba team can’t be trusted, they have damaged to entire Sri Lankan shipping industry as well as the present government and innocent Marine Lifes.

    next hearing doesn’t bail out give them Royal time punishment.
    also, investigate their assets how they earned. Arjuna Hettiarachi, Lakmal & sanjeewa samaranayke



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38