සෑම පුන් පොහෝ දිනකම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 214 වැන්න බිනර පුන් පොහොය යෙදෙන 20 දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
බුදුරාජාණන්වහන්සේට මල් පහන් සුවඳ දුම් පූජා කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මැදගමුවේ විජය මෛත්‍රී නාහිමියන්ට දැහැත් වට්ටියක් පූජා කරමින් මෙවර ධර්ම දේශනාව සඳහා ආරාධනා කළාය.
ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදාදීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාව පැවැත්වේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයෙන් ඇරඹි අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාව අඛණ්ඩව සෑම පොහෝ දිනකම පවත්වන්නට යෙදීම අගයමින් රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මැදගමුවේ විජය මෛත්‍රී නාහිමියෝ රාජ්‍ය නායකයෙකු ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට සේවාවක් රට වෙනුවෙන් ඉටුකරකර ඇති බව පෙන්වා දුන්හ.
“රාජ්‍ය නායකයෙක් හැටියට රජ කාලයෙන් පස්සේ මේ තරම් ජනතාවට සමීප වෙලා මේ තරම් ජනතාවට සේවාවක් කළ නායකයෙකු සොයා ගන්න අමාරුයි.”යැයි දේශකයාණන් වහන්සේ ධර්ම දේශනාවේ දී සිහිපත් කළහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධර්ම දේශනාව අවසානයේ දේශකයාණන් වහන්සේට අෂ්ඨපරිෂ්කාර පූජා කළේය.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව පැවති “අමාදම් සිසිලස” ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු සීමිත පිරිසක් එක්ව සිටියහ.
රොහාන් වැලිවිට














2006 දි ඩෙලර් බිලියන 12ට අඩුවෙන් තිබුන නය 2015 යනකොට ඩොලර් බිලියන 43ක් කරල මහින්ද ගියේ, අන්තිමට රටේ ආදායම මදි නය වාරිකයයි පොලියයි ගෙවන්න දැන් දිගට දිගට නය වෙවී ගිහිල්ල අන්තිමට රටට බෙහෙත් ගේන්නවත් සල්ලි නැතිවෙන එක තමයි වෙන්නෙ. ඔය ඔක්කොම මහින්දය කරපු කෙලි තමයි.