රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ඊයේ (21) පස්වරුවේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.
ඊයේ (21) පස්වරුවේ ඇති වූ හදිසි හදිසි රෝගී තත්ත්වයක් මත ඔහුව මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට තීරණය කර ඇත්තේ.
ඔහුගේ පාදයේ පැවති ‘වෙරිකෝස්’ (Varicose veins) තත්ත්වය මත රුධිර නහරයක් පුපුරා යාම හේතුවෙන් ඔහුව මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.













