යෝධ ඇලේ දිය නෑමට ගිය පුද්ගලයෙක් මරුට (වීඩියෝ)

කලාවැව යෝධ ඇලේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කලාවැව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කැකිරාව ඔලුකරඳ ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි තිදරු පියෙක්.

දෛනික කුලී වැඩ කටයුතුවල යෙදෙමින් ජීවත්ව ඇති ඔහු පසුගියදා කලාවැව ප්‍රදේශයේ වෙසෙන හිතවතකුගේ නිවසට පැමිණ සිට ඇති බව සඳහන්.

ඔහු ඊයේ පෙරවරුවේ කලාවැව දුම්රිය ස්ථානය අසළින් ගලා යන යෝධ ඇලට පැමිණ ඇති අතර එහි ගල් පාලම අසල දිය නාමින් සිටියදී දියේ ගිලී ඇති බව හෙළිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට ලැබුණු තොරතුරක් අනුව එම පුද්ගලයාගේ සිරුර සොයා කලාවැව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා ගම්වාසීන් ක්ෂණික මෙහෙයුමක් දියත් කර තිබුණා.

ඒ අනුව පැය කිහිපයක සෝදිසි මෙහෙයුමකින් පසුවයි යෝධ ඇලේ තිබී සිරුර හමුවී ඇත්තේ.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඉදිරි කටයුතු සඳහා ළඟම ඥාතීන්ට බාර දීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලන්සාගේ කුඩු ප්‍රශ්නයකට රාජපක්ෂලා අත දැම්ම හැටි වසන්ත හෙළිකරයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන් හැටි.
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10


?