AFC Banner
AFC Banner
Empty Ad

යෝධවැව බැම්ම මත සිදුවූ අනතුරකින් තරුණ පියෙක් ජීවිතක්ෂයට

තිස්සමහාරාම – කිරින්ද මාර්ගයේ යෝධවැව බැම්ම මත දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ඊයේ (28) දහවල් මියගොස් තිබෙනවා.

මෙම අනතුරෙන් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කිරින්ද දෙස සිට තිස්සමහාරාම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසන් පැමිණි පුද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු යතුරුපැදිකරු, ඔහුගේ බිරිඳ සහ වයස අවුරුදු 03ක දරුවා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 31ක තිස්සමහාරාම, යෝධකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පදිංචි අයෙක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?