විදෙස් ගුවන් සේවා රැසක් ලංකාවට බදු පොලු තියලා

වරාය, ගුවන් සේවා ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (25) පස්වරුවේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාව නිරත වුණා.

එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසර තුළ විදේශීය ගුවන් සේවා ආයතන ගණනාවක් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත ගෙවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවයි.

එම බදු මුදල් අයකර ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා තුනකට අවශ්‍ය එන්ජින් නොමැතිවීම නිසා, එම යානා ගුවන් ගත කිරීමට නොහැකිව නවතා තැබීමට සිදුව ඇති බවත්, ඒ වෙනුවෙන් පසුගිය වසර තුනක කාලය තුළ මසකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 09 බැගින් කල් බදු ගෙවා ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර සිටියා.

පසු ගිය රජය විසින් එලෙස කටයුතු කර තිබුණේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය විනාශ කර වසා දැමීමේ අරමුණින් බවත් අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48