සමථ මණ්ඩලයක සිදු වූ පහරදීමකින් අයෙක් ජීවිතක්ෂයට

සමථ මූල මණ්ඩලයක් වෙත පැමිණි දෙපාර්ශවයක් අතර ඇති වූ බහින් බස්වීමක් අතර සිදුකළ පහර දීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (25) දහවල් තිහගොඩ පොලිස් වසමේ පෙතන්ගහවත්ත විහාරස්ථානයේ පවත්වන ලෙස සමථ මූල මණ්ඩලයට දෙපාර්ශවක් කැඳවා ඇත්තේ එම දෙපාර්ශවය අතර පැවති ආරවුලක් නිරාකරණය කිරීම සඳහායි.

එම අවස්ථාවේ දෙපාර්ශවය අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර, එහිදී පහරදීමක් සිදුව තිබෙනවා.

එම පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය මහ රෝහල වෙත මාරුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස කරාපිටිය මහ රෝහල වෙත මාරුකර යැවූ එම පුද්ගලයා මියගොස් ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක අයෙක්.

පහරදීමට සම්බන්ධ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, තිහගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24