සමථ මණ්ඩලයක සිදු වූ පහරදීමකින් අයෙක් ජීවිතක්ෂයට

සමථ මූල මණ්ඩලයක් වෙත පැමිණි දෙපාර්ශවයක් අතර ඇති වූ බහින් බස්වීමක් අතර සිදුකළ පහර දීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (25) දහවල් තිහගොඩ පොලිස් වසමේ පෙතන්ගහවත්ත විහාරස්ථානයේ පවත්වන ලෙස සමථ මූල මණ්ඩලයට දෙපාර්ශවක් කැඳවා ඇත්තේ එම දෙපාර්ශවය අතර පැවති ආරවුලක් නිරාකරණය කිරීම සඳහායි.

එම අවස්ථාවේ දෙපාර්ශවය අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර, එහිදී පහරදීමක් සිදුව තිබෙනවා.

එම පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය මහ රෝහල වෙත මාරුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස කරාපිටිය මහ රෝහල වෙත මාරුකර යැවූ එම පුද්ගලයා මියගොස් ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක අයෙක්.

පහරදීමට සම්බන්ධ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, තිහගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17