Eagle’s View Point විවෘත කෙරේ (ඡායාරූප)

නුවරඑළිය, ශාන්තිපුර ඊගල්ස් නැරඹුම් ස්ථානය (Eagle’s View Point) දෙස් විදෙස් සංචාරකයින් සඳහා අද (26) විවෘත කෙරුණා.
ඒ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිතහේරත්ගේ ප්‍රධානත්වයෙන්, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ සහභාගීත්වයෙන්.

මුහුදු මට්ටමේ සිට අඩි 6,182ක උසකින් පිහිටි ලංකාවේ උසම ගම්මානය වන ශාන්තිපුර ගම්මානය කේන්ද්‍ර කරගනිමින් මෙම නැරඹුම් ස්ථානය ඉදිකර තිබෙනවා.

2024 ජූලි මස 31 වන දින ඉදිකිරීම් ආරම්භ කළ මෙම ඊගල්ස් නැරඹුම් ස්ථානයේ ඉදිකිරිම් කටයුතු සඳහා ශ්‍රම දායකත්වය, ඉංජිනේරු සහාය, සැලසුම් කිරිම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරනු ලැබුවා.

සංචාරක කර්මාන්තයේ දියුණුව තුළින් දේශීය ආර්ථිකයේ යහපැවැත්ම උදෙසා ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයින්ගේ ප්‍රධාන සහ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත්කරලීම මෙය ඉදිකිරීමේ මූලික අරමුණයි.

අද දින විවෘත කළ මෙම ‘ඊගල්ස් නැරඹුම් ස්ථානයේ සිට සංචාරකයින්ට නුවරඑළිය නගරය, පේදුරු තැන්න, පිදුරුතලාගල, හක්ගල, ග්‍රෙගරි වැව, කිකිළියාමාන්න කදුපංතිය, ශ්‍රීපාදය, සප්තකන්‍යා කදුවැටිය සමගින් ඌව පළාතේ සොබාදහමේ සුන්දරත්වය ද නැරඹීමේ හැකියාව පවතිනවා.

මේ සඳහා මූල්‍ය දායකත්වය සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ලබා දී තිබෙනවා.

1 7
1 5 1
1 8
1 6 1
1 9
1 20
1 18
1 21
1 22
1 10


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00