2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි (වීඩියෝ)

2024 වර්ෂයේ පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර (23) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රතිඵල සිය නිල වෙබ් අඩවිය වෙත (Doenets. lk) නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

විභාග අපේක්ෂකයින්ට අදාළ ප්‍රතිඵල ලබා ගැනීමට මෙතැනින් පිවිසෙන්න; https://dasathalankanews.com/

2024 වසරේ පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමෙන් පසුව එය දැඩි ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් මැවීමට සමත් වුණා.

ඒ ශිෂ්‍යත්ව විභාගයට පෙර දින රාත්‍රියේ දී ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් පිටවීම සම්බන්ධයෙන් ගුරුවරු කිහිපදෙනෙකුට චෝදනා එල්ල වීමත් සමග දෙමාපියන් ඊට එරෙහිව විරෝධතා දියත් කිරීමත් සමගින්.

මේ හේතුවෙන් වරින් වර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මෙන් ම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ද මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබුණා.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග දෙපාර්තමේන්තුවට නියෝගයක් ලබාදෙමින් සඳහන් කළේ පිටවූවා යැයි පැවසෙන ප්‍රශ්න 03 සඳහා සෑම දරුවෙකුටම නිදහස් ලකුණු පිරිනැමීම සිදු කළ යුතු බවත් එය එසේ නොවුණහොත් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බවයි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ අදාළ නියෝගය ප්‍රකාරව කටයුතු කර ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු නැවත ආරම්භ කර ඇති බැවින් දින 40ක පමණ කාලයක් තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වන බවයි.

එම සිදුවීම් දාමයේ ප්‍රතිඵලයක් වශයෙන් අද පස්වරුවේ මෙලෙස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15