යුරෝ මිලියන 125කට මැන්චෙස්ටර් සිටි වෙත අලෙවි වූ එන්සෝ ෆර්නැන්ඩස්

ජාත්‍යන්තර පාපන්දු පිටියේ මැදපෙළ ක්‍රීඩා කරන ආජන්ටිනා ක්‍රීඩක එන්සෝ ෆර්නැන්ඩස් ගිම්හාන තරගවාරයේ ක්‍රීඩක හුවමාරුවේ දී චෙල්සි ක්‍රීඩා සමාජයේ සිට මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය සමඟ එක්ව තිබෙනවා.

ඒ වාර්තාගත අලෙවි මුදලක් වන යුරෝ මිලියන 125 ක මුදලකටයි.

2022 පාපන්දු ලෝක කුසලානය ජය ගැනීමෙන් අනතුරුව වාර්තාගත යුරෝ මිලියන 145ක මුදලකට එන්සෝ ෆර්නැන්ඩස් පෘතුගාලයේ බෙන්ෆිකා ක්‍රීඩා සමාජයේ සිට චෙල්සි ක්‍රීඩා සමාජය සමඟින් එක්වුණා