වනජීවිය සහ යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමෙන් ‘අග්බෝ’ ඇතා සොයාගැනේ

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේ දී
“අග්බෝ” ඇතා නාච්චාදූව වැව් රක්ෂිතයේදී අද (19) දහවල් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එම ප්‍රදේශය භාර වනජීවී අඩවි සහකාරවරයා විසින් තහවුරු කර ඇති පරිදි, සොයා ගන්නා අවස්ථාව වන විටත් අග්බෝ ඇතා ඉතා නිරෝගී සුවයෙන් සහ යහපත් ශාරීරික තත්ත්වයෙන් පසුව තිබෙනවා.

ඒ අනුව අග්බෝ ඇතා මේ වන විට නාච්චාදූව වැව් රක්ෂිත පරිශ්‍රයේ කිසිදු උවදුරකින් තොරව, පූර්ණ සුරක්ෂිතභාවයෙන් සහ නිරෝගීව සැරිසරන බව වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සහතික කරන බවයි පරිසර අමාත්‍යංශය නිවේදනය කරන්නේ.