යතුරුපැදි නව ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩසටහන දිස්ත්‍රික්ක පහක අද සිට ඇරඹේ

යතුරුපැදි නව ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) ආරම්භ වුණා.

​මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය කාර්යාලයේ දී මෙම කටයුතු නිල වශයෙන් ආරම්භ වූ අතර, ඊට සමගාමීව යාපනය, හම්බන්තොට, අනුරාධපුරය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලද යතුරුපැදි නව ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා.

​අද උදෑසන ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයේ පැවැති විශේෂ උත්සවයකදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් (විශ්‍රාමික) එයාර් වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු විසින් ප්‍රථම සේවාලාභියා වෙත නව ලියාපදිංචි සහතිකය නිල වශයෙන් භාරදෙනු ලැබුවා.

මෙම නව වැඩපිළිවෙළත් සමඟ ගම්පහ, අනුරාධපුරය, යාපනය, හම්බන්තොට සහ කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචි ජනතාවට තමන්ට ආසන්නතම ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණ ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව තම යතුරුපැදි ලියාපදිංචි කරගැනීමේ පහසුකම හිමිවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.