අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන දිනවල දිවයිනේ සියලු ප්රදේශ කලාප 04කට බෙදා පැය බැගින් වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබෙනවා.
ජාතික පද්ධති ක්රියාකරු සමාගමේ ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර අද (19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළා.
ඒ අනුව පස්වරු 4.30 සිට රාත්රී 8.30 දක්වා කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදු කිරීමටයි අවසර ඉල්ලා ඇත්තේ.
පසුගිය සෙනසුරාදා (17) විදුලිබල පද්ධතියේ ඇති වූ හදිසි බිඳ වැටීම් හේතුවෙන් පද්ධතියේ තුල්යතාවය පවත්වා ගනිමින් විදුලි සැපයුම කළමනාකරණය කරගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට ජාතික පද්ධති ක්රියාකරු විසින් තීරණය කර තිබෙනවා.
