යාල රක්ෂිතයේ ගංජා සැකසූ 05 ක් අත්අඩංගුවට (ඡායාරූප)

යාල රක්ෂිතයේ හේනක ගංජා සකසමින් සිටි 05 දෙනෙකු ඔක්කම්පිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දැඩි පරිෂමයක් දරා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ යාල රක්‍ෂිතයේ කිලෝමීටර් 30 ක් පමණ ඇතුලත වූ
තම්මිටආර ප්‍රදේශයේදී.

සැකකරුවන් සතුව තිබී ගංජා කිලෝ 122 ක් හා මෙරට නිපදවූ පතොරම් තුවක්කුවක් පොලිසිය භාරයට ගනු ලැබූ අතර තවත් ගංජා කිලෝ 350 ක් පමණ විනාශ කිරීමට කටයුතු කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර එහිදී ඔවුන් ලබන මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?