AFC Banner
Empty Ad
Empty Ad

මෝටර් රථයකින් පැමිණි පිරිසක් කළ පහරදීමෙන් පුද්ගලයෙක් රෝහලේ

මෝටර් රථයකින් පැමිණි පිරිසක් කළ පහර දීමකින් පුද්ගලයකු රෝහල් ගත කර ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පහරකෑමෙන් රෝහල් ගතකර ඇත්තේ පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

පානදුර බණ්ඩාරගම මාර්ගයේ වෑකඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් පහරදීම සිදු කර පලාගොස් ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

තුවාලකරු පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

පානදුර දකුණ පොලිසිය සැකකරුවන් සොයා පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?