උපයන විට බදු ගෙවීම රු:150,000 තෙක් ඉහළට – ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

IMF සමග සිදු කළ සාකච්ඡාවලට අනුව, උපයන විට බදු අය කිරීමේ (Paye Tax) අවම සීමාව රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස්දහස දක්වා ඉහළ දැමීමට රජයට හැකි වී තිබෙනවා.

අද (18) පෙරවරුවේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා ගැන අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.

ඒ අනුව මීට පෙර තිබූ ආකාරයෙන් යම් අයෙක් මාසිකව රුපියල් 100,000කට වැඩියෙන් වැටුප් ගන්නේ නම්; ගෙවිය යුතු වූ බදු මුදල රුපියල් 150,000 දක්වා සීමාව සංශෝධනය වනු ඇති.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තෙවැනි සමාලෝචනයේ දී සිදු කළ සාකච්ඡාවල දී එකඟ වී ඇත්තේ මාසයකට රුපියල් 150,000ක වැටුපක් ලබා ගන්නා යම් අයෙකු බදු ගෙවීමෙන් සියයට සියයක් නිදහස් කිරීමට එකඟ කරගැනීමට වත්මන් රජයට හැකි ව තිබෙනවා.

මාසයකට යම් කෙනෙකු රුපියල් ලක්ෂ දෙකක වැටුපක් ලබන්නේ ද; ඔහු හෝ ඇය සියයට 71කින් බදු මුදලකින් නිදහස් වන අත අතර ලක්ෂ 250,000ක වැටුපක් ලබා ගන්නා අයෙකු නිදහස් වන්නේ සියයට 61ක බදු මුදලකිනුයි.

එමෙන්ම රුපියල් තුන්ලක්ෂයක වැටුපක් ලබන්නේ නම් ඔහු හෝ ඇය සියයට 47කින් ද ලක්ෂ 350,000ක වැටුපක් ලබන්නෙකු සියයට 25.5ක් වන බදු මුදලකින් ද 2025 වසරේ සිට නිදහස් වනු ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කළ තෙවැනි සමාලෝචන සාකච්ඡාවේ දී වැඩියෙන් උපයන විට අඩු සහන ලබාදීමටත්; අඩු වැටුප් හිමියන්ට වැඩි සහන ලබාදීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග උපයන විට බද්ද යටතේ සිදු කළ සාකච්ඡාවල දී එකඟත්වයට පත් වූ බව රජය පවසනවා.

මේ අතර සමාජයේ මේ දිනවල පැතිර යන 2025 එළඹෙන වසර වන විට ණය නොගෙවන්නේ ද; යළිත් රට ආර්ථික අර්බුදයකට ලක් වන්නේ ය’ යන කාරණයට ද ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා.

ජනාධිපතිවරයා පැවසුවේ; 2028 වන විට ද පවතින්නේ තම රජයක් බවත්; 2022,2023 වසරවල මෙන් කිසිදු ලෙසකින් රට බංකොලොත් වීමට තමන් ඉඩ නොදෙන බවයි.

අමෙරිකානු ඩොලර් මිලියන 12,550ක ණය ප්‍රමාණයකින් ඩොලර් මිලියන 11,550ක ම ණය ප්‍රමාණයක් 2015 -2019 රජය විසින් ලබාගෙන ඇති බවත්; පැහැර හරින ලද ණය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1700කට ණය ප්‍රතිව්‍යූහගතකරණයක් ද ලබා දී ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

2028 වර්ෂයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක විදෙස් සංචිත ප්‍රමාණයක් වැඩි කරගැනීම මාලිමා රජයේ අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් වැඩ කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

පෙර රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කළ දෙවැනි සමාලෝචනයේ දී;

  • ආරෝපිත කුලී ආදායම මත පදනම් ව දේපළ මත 2025 දී බදු පැනවීම
  • සේවා අපනයන මත සංස්ථාපිත ආදායම් බද්දක් සියයට 30ක් තෙක් පැනවීම
  • ජනවාරි වන විට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කර; ඒ එකතු කළ බද්ද මතින් ආදේශ කිරීම (වැට් බදු පැනවීම)
  • පුද්ගලික ආදායම් මත බදු රහිත සීමා ඒ ලෙසින් ම පවත්වාගෙන යාම
  • සරල කරන එකතු කිරීමේ මත බද්ද අප්‍රේල් වන විට ඉවත් කිරීම;වැනි යෝජනාවලට පෙර රජය එකඟ වී තිබූ බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී මතක් කර සිටියා.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03