එට්කා ගිවිසුම අලුත් කළ යුතුයි – ඒත් අපි අත්සන් කළේ නෑ (වීඩියෝ)

ජනාධිපතිවරයා සිදු කළ තෙදින ඉන්දීය නිල සංචාරයේ දී මහව – ඕමන්ත දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් ම ඉන්දීය ණය මුදල් ප්‍රදානයෙන් සිදුකර ගත හැකි වූ බව රජය පවසනවා.

අද (20) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ඉන්දියාව එලෙස ප්‍රදානය කළේ ණයක් නොවන බවයි.

මින් ඉදිරියේ දී මහව – ඕමන්ත දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය ද ඉදිකරන බව ද කැබිනට් අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර මෙම නිල සංචාරයේ දී ඉන්දීය මහාබෝධි සංගමය තුළ තිබෙන විදේශ මුදල් ලබා ගැනීමට ද කටයුතු සම්පාදනය කළ බවත් ප්‍රකාශයට පත් කෙරුණා.

මෙරට මුහුදු කලාපය, අන්තර් මහාද්වීපික මුහුදු සීමාව ගැන ද එක්සත් ජාතික සංවිධානය මගින් මෙතෙක් නිර්ණය නොකිරීම සම්බන්ධයෙන් ද ඉන්දීය අගමැති මෝදි ව දැනුම්වත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් අපේ රටේ භූමිය ඉන්දියාවට හෝ වෙනත් රටකට තර්ජනයක් වීමට ඉඩ නොතබන බව ද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ද දෙරට අතර පුළුල් සාකච්ඡා පැවතුණු බව ද විදේශ අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

එමෙන්ම පසුගිය කාලවකවානුවේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ඉන්දීය රජය දුන් ප්‍රදානයන්ට සහ සහායට ද මෙහිදී විශේෂ ස්තුතියක් පිරිනැමුණා.

රටවල් දෙක අතර බලශක්ති පිළිබඳ ව යෝජනා පැමිණි බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර සාම්පූර් බලාගාරය සඳහා එකඟතාව ශ්‍රී ලංකාවෙන් හිමි ව තිබෙනවා.

LNG සහ සුළං බලය ලබා ගනිමින් එහි අතිරික්තය අපනයනය කිරීමට අවශ්‍ය බැවින් ඉන්දියාව සමග සාකච්ඡා කළ බවත් විදේශ අමාත්‍යවරයා අවධාරණය කළා.

එබැවින් බිම්ස්ටෙක් ආර්ථික සහයෝගීතාව මත රට ඉදිරියට ගෙන යාමට ඉන්දීය රජය සමග සාකච්ඡා කළ බවත් එය කිසිලෙසකින් රට පාවා දීමක් නොවන බවයි විජිත හේරත් මහතා පැවසුවේ.

ඉන්දියාව සහ අරාබිය අතර ඉන්ධන නලයක් එලීමට ද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සාකච්ඡා පැවැත්වුණ ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල එකඟතාවකට පැමිණ නැහැ.

එමෙන්ම ස්වාභාවික පාරිසරික පද්ධතිය ආරක්ෂා කරගනිමින් සුළං බලය නිපදවීම සම්බන්ධයෙන් ද දෙරට අතර සාකච්ඡා ඇති කෙරුණා.

හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුව පාලනය කරන සමයේ දී ඉන්දියාවට තෙල් ටැංකි 61ක් ලබාදීමට දුන් එකඟතාව අනුව සිදු කළ යෝජනා සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නිදහස් වෙළෙඳ ගිවිසුම (එට්කා ගිවිසුම) අලුත් කිරීමේ අවශ්‍යතාවක් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණ ද; කිසිලෙසකින් වත්මන් රජය ඊට අත්සන් නොතැබූ බවයි විජිත හේරත් මහතා අවධාරණය කළේ.

කිසිදු ලෙසකින් මාලිමා රජය රටට වරදක් නොකරන බවත්; සාකච්ඡා පැවැත්වුව ද අත්සන් නොතැබූ බවත් රටේ කෘෂි නිෂ්පාදන සහ කිරි නිෂ්පාදන සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීමට ඉන්දීය රජය සමග දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව ද රජය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේ තොරතුරු මුදාහරිමින් විජිත අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

සමාජය තුළ ආරක්ෂක ගිවිසුමක් සම්බන්ධයෙන් සංවාද ඇති වුව ද කිසිදු ලෙසකින් දෙරට අතර එවැනි ගිවිසුමක් අත්සන් නොතැබුණු බවත් දෙරට තුළ ම වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් වූ සමාජ ආරක්ෂණ ගිවිසුමක් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කෙරුණු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46