පුද්ගලික බස් රථවලින් දිනකට රුපියල් කෝටියක කප්පම් ගන්නවා – ගැමුණු විජේරත්න (වීඩියෝ)

පුද්ගලික බස් රථවලින් දෛනිකව රුපියල් කෝටියක පමණ කප්පම් මුදලක් ගෙවීමට සිදුව ඇති බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

එහිදී සභාපතිවරයා සඳහන් කළේ දිවයින පුරා සිටින නිල සහ නිල නොලත් කප්පම්කරුවන් විසින් මෙලෙස කප්පම් මුදල් ලබාගන්නා බවයි.

මේ අතර සභාපතිවරයා පවසා සිටියේ ඇතැම් වේලා සටහන්කරුවන් ද පුද්ගලික බස් රථවලින් කප්පම් මුදල් අක්කර ගන්නා බවයි.

මේ අතර පුද්ගලික බස් රථවලින් කප්පම්කරුවන් ලබාගන්නා කප්පම් මුදල් නතර කිරීමට වහාම කටයුතු කරන ලෙසට පොලිස්පතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් මීට දින තුනකට පෙර පොලිසියේ උසස් නිලධාරීන් සහ තම සංගමය අතර සකච්ඡාවක් ද පැවැත් වූ බවයි ද ඔහු පසුවා.

  1. අර කොරෝනා කාලේ එක සීට් එකකට එක මගියයි සංකල්පය යටතේ වැඩිකරගත් ගාස්තුව තාම අඩු නොකර දිනකට ප්‍රකෝටියක් මාටියා ගහන සංගමේක එකෙක් කියන කතාවක්. කප්පම් ගන්න එක වැරදීයි. ඒත් මේ අයත් කරන්නෙ එකමයි. මිනිහා ඩමියක් විතරයි. සැබෑ බස් හිමියෝ ගෙදර යවපු 225කට්ටිය. වීරයා වාගේ ටොක් දුන්නෙ ඒ හය්‍යෙන් දැන් හුලං බැහැලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31