පුරප්පාඩු වී ඇති කතානායක ධුරයට නම් තුනක්

කතානායක ධුරයේ කටයුතු කළ අශෝක රංවල එම තනතුරින් ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධුරය මේ වනවිට පුරප්පාඩුව පවතිනවා.

ඒ, අනුව එළඹෙන සතියේ 17 වනදා රැස්වෙන පාර්ලිමේන්තු වාරයේ දී නව කතානායකවරයෙක් තෝරා පත්කර ගැනීමට නියමිතයි.

මේ අතර මීළඟ කතානායක ධුරයට පුද්ගලයින් තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි සහ නිහාල් ගලප්පත්ති එලෙස යෝජනා වී ඇති නම් බවයි ආරංචි මාර්ග පැවසුවේ.

මේ අතර 10 වන පාර්ලිමේන්තුවේ 12 වන කතානායක තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්තිගේ නම මීට පෙර යෝජනා වී තිබුණා.

මේ අතර කතානායක ධුරයේ කටයුතු කළ අශෝක රංවලගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයට මෙතෙන් දැනුම් දී නොමැති බවයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න පවසනවා.

කතානායක ධුරයේ කටයුතු කළ අශෝක රංවලගේ අධ්‍යාපන සුදුකම් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් මත ඔහු එම තනතුරින් ඊයේ (13) දිනයේ දී ඉල්ලා අස්වුණා.

ඔහු ඉල්ලා අස්වන විට කතානායක ධුරයේ දින 22ක් කටයුතු කර තිබූ අතර, ඒ අනුව අඩුම කාලයක් කතානායක තනතුරේ කටයුතු කළ පුද්ගලයා බවට ඔහු ඉතිහාසගත වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20