මොරටුමුල්ල, ඉහළ ඉදිබැද්දකුරේ පෙදෙසේ මිනිස් හිසක් ඇති බවට පොලිසියට ලැබී ඇති තොරතුරක් මත පදනම්ව සිදු කළ විමර්ශනයක දී කඳින් වෙන්ව ඇති මිනිස් හිසක් හමුව තිබෙනවා.
එම මිනිස් සිරුර හමුවූ ස්ථානයේ ආසන්නේ වඩුමඩුවක් පිහිටා ඇති අතර, එම වඩුමඩුවේ හිමිකරු අද (30) උදැසන වඩුමඩුවට පැමිණි අවස්ථාවේ මේ සම්බන්ධයෙන් දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා.
එම මිනිස් හිසෙහි අනන්‍යතාව මෙතෙක් අනාවරණය නොමැති අතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













