ශ්‍රි ලංකාවේ සෑම පස්දෙනකුගෙන් එක් අයකුට පිළිකාවක් වැළඳීමේ අවදානමක් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු ප්‍රකාශ කළාය.
මෙරට ජනගහනයෙන් වැඩිම පිරිසක් මුඛ පිළිකාවට ගොදුරුව ඇති බවත් කොළඹ ජාතික දන්තායතනයට දිනකට මුඛ පිළිකා හා පූර්ව පිළිකා තත්ත්වයේ පුද්ගලයන් 5ත් 20ත් අතර සංඛ්‍යාවක් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන බවත් ඇය පැවසුවාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇය මේ බව ඊයේ (26) ප්‍රකාශ කළාය.
තරුණ දරුවන් අතර පැකට් කළ විට කන ප්‍රවණතාවක් පවතින බවත් එම විට කන තරුණ දරුවන් අතර ඉතා වේගයෙන් පූර්ව මුඛ පිළිකා ලක්ෂණ පහළ වන බවත් ඇය පැවසුවාය. දරුවාගේ තොල වටා සුදු පාටක් තිබේ නම් එය නව පන්නයේ විට කෑමෙන් පසුව ඇති වන පූර්ව පිළිකා ලක්ෂණයක් බව ද ඇය ප්‍රකාශ කළාය. පාසල් දරුවන්, වයස අවුරුදු 20ට අඩු දරුවන් අතර මෙම රෝගය වාර්තා වීම අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවත් සෑම දිස්ත්‍රික්කයකම පූර්ව පිලිකා හඳුනා ගැනීමේ සායන පවතින අතර ඒවාට යාමෙන් පිළිකා තත්ත්වයන් ඉක්මණින් හඳුනා ගත හැකි බවත් ඇය පැවසුවාය.