මෙරට ජනතාවට සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ දැනුම් දීමක්

මෙරට ජනතාව වෙත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුම් දීමක් කර තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරියේ දී එන්නත්කරණ මධ්‍යස්ථාන සීමා කිරීමට සිදුවිය හැකි බවයි.

ඒ බැවින් හැකි ඉක්මණින් තමන්ට ආසන්නම එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් තමන්ට හිමි එන්නත ලබාගන්නා ලෙසද දැනුම් දී තිබෙනවා..

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ ඉදිරියේ දී කොරෝනා සඳහා වන එන්නතේ 03 වෙනි මාත්‍රාවක් ලබාදීම ආරම්භ කළහොත් ඉදිරියේ දී 01 හා 02 වෙන මාත්‍රා ලබාදීම සීමාවනු ඇති බවයි.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ළඟම එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් හැකි ඉක්මණින් එන්නත ලබාගන්නා ලෙසයි.

එමෙන්ම රට විවෘත කළ පසුව සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරන ලෙසද දැනුම් දී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?