මෙරටට ලැබුණු සුපිරි පන්නයේ ගුවන් යානය හඳුන්වාදීමේ උත්සවය ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් (ඡායාරූප)

ඔස්ට්‍රෙලියාව විසින් පරිත්‍යාග කරන ලද බීච්ක්‍රාෆ්ට් වර්ගයේ ගුවන් යානය ගුවන් හමුදා ගුවන්යානා බල ඇණියට හඳුන්වාදීමේ උත්සවය ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදු කෙරුණා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ; ඔස්ට්‍රෙලියානු රජයෙන් මෙම පරිත්‍යාගය සිදු කළ බවත් එහිදී
Beechcraft King Air 350 වර්ගයේ ගුවන් යානයක් මෙරටට ලැබුණු බවත්; එම උත්සවය රත්මලාන ගුවන් හමුදා මුලික කඳවුරේ දී පැවති බවයි.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා එක් වුණා.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් (Paul Stephens) මහතා සහ ස්වෛරී දේශසීමා සඳහා වන ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ ආඥාපති, රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර් (Brett Sonter) ද එක් වුණා.

පසුගියදා මෙම ගුවන් යානය ඔස්ට්‍රෙලියානු රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නිල වශයෙන් භාරදීම සිදු කරනු ලැබුවා.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ විසින් එම ස්ථානයට පැමිණි සම්භාවනීය අමුත්තන් පිළිගත්තා.

මෙහිදී නව ගුවන් යානය සාම්ප්‍රදායික ජල ආචාරයක් සමඟින් පිළිගනු ලැබූ අතර, අනතුරුව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස්වරයා, රියර් අද්මිරාල් Sonter සහ ගුවන් හමුදාපති සමඟින් ආරක්‍ෂක ලේකම්වරයා ද ගුවන් යානය නිරීක්‍ෂණයට එක් වුණා.

මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා පැවසුවේ; ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් ලබා දුන් මෙම සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ඔස්ට්‍රෙලියානු රජයට සහ ජනතාවට සිය අවංක කෘතඥතාව පළ කරන බවයි.

මේ ඔස්සේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු සමුද්‍ර ආවේක්‍ෂණ, නිරීක්‍ෂණ සහ මුදාගැනීමේ මෙහෙයුම් හැකියාවන් තවදුරටත් වර්ධනය වනු ඇති බවත්, දෙරට අතර පවතින මිත්‍රත්වය සංකේතවත් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

“Pro Line II වර්ගයේ ගුවන්යානා ඉලෙක්ට්‍රොනික මෙහෙයුම් පද්ධතියක් සහ FLIR Star Safire HD Electro-Optical/Infrared (EO/IR) ආවේක්‍ෂණ පද්ධතියක් ඇතුළු අති නවීන උපකරණවලින් මෙම යානය සමන්විත වන අතර එමගින් අපගේ සමුද්‍රීය නිරීක්ෂණ හැකියාවන් බෙහෙවින් වැඩි දියුණු කරනු ඇති.

මෙම ගුවන් යානයට වැඩි කාලසීමාවක් ගුවනේ රැඳී සිටීමට පවතින හැකියාව හේතුවෙන් ශ්‍රී ලංකාව සතුව පවතින සමුද්‍ර කලාපය තුළ වඩාත් ඵලදායී අන්දමින් ගුවන් නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට එමගින් ඉඩ සැලසෙනු ඇති බවත් වාර්තා වනවා.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ මුලික පදනම ලෙස සැලකෙන අන්‍යෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ඔස්ට්‍රෙලියානු රජයේ කැපවීමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට මෙම ගුවන් යානය පිරිනැමීම ඉතිහාසගත වනු ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

සාගර ආශ්‍රිතව සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සියලුම ආකාරයේ ජාත්‍යන්තර අපරාධවලට එරෙහිව අඛණ්ඩ සහයෝගීතාව පවත්වා ගැනීමත්, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම මගින් දේශසීමා කළමනාකරණය ශක්තිමත් කිරීමත්, දේශසීමා ආරක්ෂාව යටතට ගැනෙන මුහුදු මාර්ග ඔස්සේ පුද්ගලයින් ජාවාරම් කිරීම වැළැක්වීම, එවැනි ජාවාරම් විනාශ කිරීම, බාධා කිරීම් සහ මුදා ගැනීම සඳහා සිදු කෙරෙන මෙවැනි ස්වෛරී දේශසීමා මෙහෙයුම් සඳහා වන ශ්‍රී ලාංකික හමුදාමය හැකියාවන් ශක්තිමත් කිරීම මෙම ගුවන්යානය ලබාදීමේ ප්‍රධාන අරමුණ වනවා.

ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන්, ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාල නිලධාරීන් සහ අනෙකුත් සම්භාවනීය ආරාධිතයින් රැසක් ද මෙම අවස්ථාවට එක් ව සිටි අතර අද පෙරවරුවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම්වරයා; ශ්‍රී ලංකාවේ ඔසට්‍රෙලියානු කොමසාරිස් Paul Stephens, ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් අමන්දා ජොන්ස්ටන් සහ ස්වෛරී දේශසීමා සඳහා වන ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ ආඥාපති රියර් අද්මිරාල් සොන්ටර් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

WhatsApp Image 2024 12 12 at 16.47.24
WhatsApp Image 2024 12 12 at 16.47.23 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22
Video thumbnail
24 වෙනිදා රටම හොල්ලන සජබයේ උද්ඝෝෂණය ගැන ප්‍රබලයෙක් හෙළිකරයි
04:50