මෙම රජය රටේ වාරි සංස්කෘතිය විනාශ කළා – විපක්ෂ නායකගෙන් චෝදනාවක් (වීඩියෝ)

මේ මොහොත වන විට උඩවලව කේන්ද්‍රීය වාරි පද්ධතිය භයානක තත්ත්වයකට මුහුණ දී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා පවසන්නේ මෙම ව්‍යාපාරය තුළින් නඩත්තු වන ඒකක 07ක දැවැන්ත කෘෂිකාර්මික ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බවයි.

එයට හේතුව වී ඇත්තේ වත්මන් රජයේ දුර්වල ජල කළමනාකරණ ප්‍රතිපත්තිය බව ද විපක්ෂ නායකවරයා පවසනවා.

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ අවසාන දින මෙහෙයට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා අද (06) මේ බව කියා සිටියා.

අක්කර අඩි දෙලක්ෂ දාහත්දහසකින් යුත් උඩවලව ජලාශ්‍රයේ දැනට ඉතිරිව ඇත්තේ අක්කර අඩි 2000ක් පමණක් බවත්, මීට සති කිහිපයකට පෙර සමනල වැවෙන් ජල අක්කර අඩි 1500ක් දෛනිකව ලබා දෙන ලෙස ඉල්ලීම් සිදුකළත් මේ පිළිබඳව විදුලි බල ඇමතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලයත් ජනාධිපතිවරයාත් උනන්දු නොවීම තුළ ගොවි පවුල් 30000ක හෙක්ටයාර් 25000ක වී, උක් එළවළු සහ බඩඉරිඟු වගාව විනාශයට පත්වීම ආරම්භ වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

රජ දවසේ සිට මෙම වාරි ශිෂ්ඨාචාරය දැවැන්ත ආර්ථික පද්ධතියක් නිර්මාණය කළ බවත්, මෙම ජලාශ්‍ර හරහා පානීය ජලයට මෙන්ම වගාව සඳහා ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බවත් එහෙත් අඛණ්ඩව විදුලිය ලබ දෙනවා යැයි පවසා විදුලි බිල සියයට 500කින් වැඩි කර වගාවට අයත් ජලය විදුලිය සැපයීමට යොමුකර ඇති බවත්, යම් හෙයකින් විදුලි කප්පාදුවක් සිදුවන්නේ නම් එයට හේතුව වත්මන් රජයේ අකාර්යක්ෂමතාව සහ දුර්වල රාජ්‍ය පාලනය නිසා බවත් විපක්ෂ නායකවරයා චෝදනා කරනවා.

වත්මන් රජය විසින් වාරි පද්ධතිය හරහා නිර්මාණය වූ වාරි සංස්කෘතිය සහමුළින්ම විනාශ කර ඇති බවත් වී, උක්, එළවළු සහ බඩඉරිගු වගාවන් ආදිය හරහා දේශීය ග්‍රාමීය ක්ෂුද්‍ර ආර්ථික චක්‍රයක් ක්‍රියාත්මක වන බවත්, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට අවබෝධයක් නොමැති වීම හේතුවෙන් වගා හානි වුවහොත් වන්දි ලබාදී පිටරටින් හාල් ගෙන ඒමට සූදානම් වී ඇති බවත් ජනතාව විසින් ආණ්ඩුවක් පිහිටුවා ඇත්තේ වැඩක් නොකර හේතු දැක්වීමට නොවන හෙයින් රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුව සතු බවත් ඔහු පවසනවා.

දක්ෂ, සැලසුම්සහගත සහ කාර්යක්ෂම ආණ්ඩුවක් ලෙස පම්පොරි ගැසුවත් මේ සිදුවීමෙන් එහි සත්‍ය අසත්‍යභාවය පෙනෙන බවත් රජයේ දෙබිඩි වැඩපිළිවෙළ හේතුවෙන් ගොවියාත් සාමාන්‍ය ජනතාවත් දැඩි ලෙස අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියා.

එසේම මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා විසින් වැඩිදුරටත් කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බලය, වගකීම සම්බන්ධයෙන් රජය සවන් දෙන්නේ පාර්ලිමේන්තුවට පමණක් බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ප්‍රකාශ කර ඇති බවත්, මින් ගම්‍යමාන වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අධිකරණයට තීන්දු දිය නොහැකි බවත් එසේ ප්‍රකාශයක් සිදු කිරිමට රජයට නොහැකි බවත් අධිකරණය සතුව අධික්ෂණ බලය සහ නෛතික බලය සම්බන්ධයෙන් සොයා බැලීමේ අයිතියක් ඇති බවත් පැවසුවා.

ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ අධිකරණය යනු ප්‍රජාතන්ත්‍රවාදී පුරුක් තුනෙන් වැදගත් පුරුකක් බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ තුළ රජයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අධික්ෂණය කිරීමේ බලය සහ වගකීම අධිකරණයට ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ රජයට හිතවත් ව්‍යාපාරිකයන්ට සහන ලබා දී වැඩකරන ජනතාවගේ අර්ථසාධක අරමුදලට අත තැබීම අනුමත කළ නොහැකි බවත් වගකිව යුතු විපක්ෂයක් ලෙස ගොවි ජනතාවගේත් වැඩ කරන ජනතාවගේත් අයිතීන් සුරක්ෂා කිරීමට මැදිහත් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32