Fly high Get bonus Aviator Phone

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු නාවික හමුදා සහායෙන් ගොඩබිමට

හම්බන්තොට සිට නාවික සැතපුම් 20ක් පමණ (කිලෝ මීටර් 37ක්) ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.

කලමැටිය ධීවර වරායෙන් පසුගිය ජුලි මස 30 වනදා ධීවරයින් 5 දෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘Warshan Putha 03’ නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකුයි මෙලෙස හදිසියේ රෝගී තත්ත්වයට ලක්වී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබුණා.

නාවික හමුදාව සඳහන් කළේ ඊට ප්‍රතිචාර දක්වමින් අදාළ ධීවරයා ගොඩබිමට රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් රෝගී ධීවරයා සහිත බහුදින ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය‍ වෙත යොමු කළ බවයි.

පැවති රළු මුහුද හමුවේ දැඩි පරිශ්‍රමයක් යොදා රෝගීවූ ධීවරයා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව ප්‍රථමාධාර ලබා දෙමින් ඊයේ (01) දින හම්බන්තොට වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ මේ ටයර්වල කට්ට ? ඇතුල දැක්කම පිස්සු හැදෙනවා
Video thumbnail
මහින්ද ඉලක්ක කරගනිමින් කුමන්ත්‍රණයක්? - අනුරට පසන් සැරට දෙසයි
15:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
02:41:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතා අල්ලස් කොමිසමට එයි - මොකද්ද මේ වෙන්න යන්නේ ?
01:13
Video thumbnail
Exclusive - සජිත් ප්‍රේමදාස පාතාලයට සම්බන්ධයිද..?
01:50
Video thumbnail
මුජිබුර් රහුමාන් ලුණු ගැන කියපු ඇස් උඩ යන කතාව - පාර්ලිමේන්තුවම පුදුම වෙයි
08:47
Video thumbnail
හර්ෂ ද සිල්වාට නහුතෙට තදවෙයි - පාර්ලිමේන්තුවේ නැගිටලා කියපු දේ
02:11
Video thumbnail
ආණ්ඩුවට ලුණු ඇඹුල් ඇතිව බණ දෙසපු වනවාසී රාහුල හිමි
03:18
Video thumbnail
අදත් මල් පාරේ ප්‍රබලයෝ රැසක් එක්වෙයි - මෙන්න ඇහෙන අලුත්ම කතාව
11:03
Video thumbnail
ගම්පහ සමූපාකාර හෙඩ් ඔෆිස් එක කෝටි ගාණකට උකස් තියලා
03:58

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?