මුහුදේදී රෝගී වූ ධීවරයෙකු නාවික හමුදා සහායෙන් ගොඩබිමට

හම්බන්තොට සිට නාවික සැතපුම් 20ක් පමණ (කිලෝ මීටර් 37ක්) ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.

කලමැටිය ධීවර වරායෙන් පසුගිය ජුලි මස 30 වනදා ධීවරයින් 5 දෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘Warshan Putha 03’ නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකුයි මෙලෙස හදිසියේ රෝගී තත්ත්වයට ලක්වී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබුණා.

නාවික හමුදාව සඳහන් කළේ ඊට ප්‍රතිචාර දක්වමින් අදාළ ධීවරයා ගොඩබිමට රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් රෝගී ධීවරයා සහිත බහුදින ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය‍ වෙත යොමු කළ බවයි.

පැවති රළු මුහුද හමුවේ දැඩි පරිශ්‍රමයක් යොදා රෝගීවූ ධීවරයා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව ප්‍රථමාධාර ලබා දෙමින් ඊයේ (01) දින හම්බන්තොට වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30