මුහුණු පොතේ පත්තුවුන බොරු පුවතක් අධිකරණයට ගිය හැටි

තමාගේ ඡායාරූප සහිත අපහාසාත්මක අසත්‍ය ප්‍රවෘත්තියක් මුහුණු පොතේ පළකිරීම නිසා සිදුවූ හානිය වෙනුවෙන් නිදහස් මාධ්‍යවේදියකුගෙන් රුපියල් මිලියන දහයක අලාභයක් ඉල්ලා ගාල්ල වරාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක දෙනගමගේ ප්‍රියාල් අශෝක නන්දසේන ගාල්ල දිසා අධිකරණයේ නඩු පවරා තිබේ.

තම නීතිඥවරිය මගින් පැමිණිලිකරු කියා සිටියේ තමාව වසර තිහක කාලයක් රාජ්‍ය සේවයේ සිටින අතර රාජ්‍ය සේවයට ලැදිව ක්‍රියා කරන සේවකයකු ලෙස සමාජීය වශයෙන් තමා පිළිගැනීමට ලක්වූ බවයි.

එසේ සේවය කරමින් සිටියදී 2020 සැප්තැම්බර් 14 වැනිදා හෝ ඊට ආසන්න දිනක තමා සේවය කරන කාර්යාලයේ පුටු ඇන්දට හේත්තු වී සිටින ඡායාරූප තුනක් විත්තිකරු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම මගින් එය දෙදෙනකු හෝ ඊට වැඩි පිරිසක් දක්වා සන්නිවේදනය කර ප්‍රසිද්ධියට පත්කර ඇති බවද පැමිණිලිකරු කියා සිටියේය.මෙම විත්තිකරුගේ මුහුණුපොත ගිණුම මගින් අසත්‍ය කරුණු පදනම් කරගෙන ද්වේශ සහගතව කරන ලද අපහාසාත්මක ප්‍රකාශය සහ එයට පාදක කරගත් තම ඡායාරූප හේතුවෙන් තමන් සමාජයේ බලවත් අවමානයට ලක්වූ බවත් ඉන් තමන් සහ පවුලේ අය මහත් පීඩාවට පත්ව ඇති බැවින් එයට විත්තිකරු වගකිව යුතු බවත් පැමිණිකරු වැඩිදුරටත් කීවේය.

මේ නඩුව අප්‍රේල් 06 වැනිදා කැඳවීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40