Monday, January 13, 2025
Empty Ad
AFC Banner
AFC Banner

මුවමස් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට

රිටිගල රක්ෂිතයේ සැරිසරන මුවන් හා වනසතුන් දඩයම් කර මස් සඳහා අලෙවි කරනු ලබන ජාවාරමක් පිළිබඳ ව ගනේවල්පොල වනජීවි කාර්යාලයට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී මුවමස් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සැකකරුවන් සන්තකයේ තිබී විකිණීමට සූදානම් කර තිබූ මුවමස් කිලෝග්‍රෑම් 40ක් සොයා ගැනුණු බවයි.

සැකකරුවන් විකිණීම සඳහා දඩයම් කළ මුවාගේ හිස සහිත අං යුගල හා “මුවහම” ද සොයා ගැනුණු බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ හා මැදවච්චිය ප්‍රදේශයන් හි පදිංචිකරුවන් දෙදෙනෙක්.

ඔවුන් ගනේවල්පොල ප්‍රදේශයේ වැඩබිමක කොන්ත්‍රාත් සේවකයින් දෙදෙනෙකු ලෙස සේවය කරමින් සිටින අතර මෙම දඩමස් ජාවාරමේ නියැලී ඇති බවයි වනජීවි නිලධාරීන් පැවසුවේ.

එම මස් තොගය සමග සැකකරුවන්, කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 14 වන දින දක්වා රක්ෂිතය බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Live :- දසත බෝපත දුරුතු පෝදා උදෑසන ධර්ම දේශනය - සජීවීව..
55:46
Video thumbnail
අනුරට ඉක්මනට රනිල්ගේ උපදෙස් ගන්න වෙනවා - කාලෙකට පස්සේ ජීවන් හඬ අවදි කරයි
15:41
Video thumbnail
උඹ පොඩ්ඩක් පරිස්සම් වෙයන් - ගෝනිබිල්ලා රටෙන් පැන්නා - 88/89 ඔබ නොහිතපු සිද්දි ගොඩක් එළියට
32:49
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින ඖෂධ 108ක විශේෂ පූජාව - සජීවීව
01:10:01
Video thumbnail
පන්සලට වතුර දෙන උත්සවය නවත්වන්න - අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝග
09:40
Video thumbnail
කංසා සංවර්ධන මණ්ඩලය ජනගත කරයි - මේක අපි හදපු සහෝදර ආණ්ඩුව හොඳද
38:40
Video thumbnail
දෙයියන්ට පොංගල් ටිකක් දෙන එකත් නැති කළා - වැටුණු අමාරුව ගැන ජනතාවට මල පනියි
03:37
Video thumbnail
මාලිමාවේ අම්බිකාගේ ගමේ ජනතාව පොංගල් සමරන්න විදිහක් නැතුව දුක කිව්ව හැටි
04:00
Video thumbnail
මගේ දුව මට ලැබුණා - පැහැරගෙන ගිය සිසුවියගේ පියා කිව්ව දේ
01:20
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින දසත බෝපත ධර්ම සාකච්ඡාව - සජීවීව
01:19:47

?