මුවමස් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට

රිටිගල රක්ෂිතයේ සැරිසරන මුවන් හා වනසතුන් දඩයම් කර මස් සඳහා අලෙවි කරනු ලබන ජාවාරමක් පිළිබඳ ව ගනේවල්පොල වනජීවි කාර්යාලයට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී මුවමස් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සැකකරුවන් සන්තකයේ තිබී විකිණීමට සූදානම් කර තිබූ මුවමස් කිලෝග්‍රෑම් 40ක් සොයා ගැනුණු බවයි.

සැකකරුවන් විකිණීම සඳහා දඩයම් කළ මුවාගේ හිස සහිත අං යුගල හා “මුවහම” ද සොයා ගැනුණු බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ හා මැදවච්චිය ප්‍රදේශයන් හි පදිංචිකරුවන් දෙදෙනෙක්.

ඔවුන් ගනේවල්පොල ප්‍රදේශයේ වැඩබිමක කොන්ත්‍රාත් සේවකයින් දෙදෙනෙකු ලෙස සේවය කරමින් සිටින අතර මෙම දඩමස් ජාවාරමේ නියැලී ඇති බවයි වනජීවි නිලධාරීන් පැවසුවේ.

එම මස් තොගය සමග සැකකරුවන්, කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 14 වන දින දක්වා රක්ෂිතය බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41