spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුදල් අමාත්‍යාංශයෙන් ඇමති කෙහෙළියට තල්ලුවක්

අත්‍යවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව ගෙන්වීමට, මුදල් අමාත්‍යාංශයේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව වැද බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (22) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකට එක් වෙමින්.

අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමේ දුෂ්කරතා පැවතිය ද සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීමටත්, අමාත්‍යාංශ අතර නිරනන්තර සාකච්ඡා පවත්වමින් ගැටළු මඟහරවා ගැනීමටත් මෙහිදී එකඟතාවයකට එළඹ තිබෙනවා.

කඩිනමින් මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බව ද වැඩ බලන මුදල් අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ අතර ඖෂධ මිල දී ගැනීමට අදාළ මූල්‍ය ගැටළු විසඳීමට තම අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් තහනම් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?