තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයකුට පොල්ලකින් පහරදීම ඊයේ (28) රාත්‍රියේ ඝාතනයක් සිදුව තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 35ක මහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම පුද්ගලයා සහ ඔහුගේ සහෝදරයෙකු සමග ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් සහෝදරයා විසින් පොල්ලකින් පහර දී තිබෙනවා.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වයස අවුරුදු 28ක් වන සැකකාර සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













