ට්‍රම්ප් වෙනිසියුලාව සමඟ ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගනුදෙනුව නිවේදනය කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාව සමඟ ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගනුදෙනුව නිවේදනය කර තිබෙනවා.

මෙහිදී වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65ක් පාලනය කිරීම සඳහා ඇමරිකාව, වෙනිසියුලාව සමඟ ගිවිසුමකට එළඹ ඇති බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ.

මෙම ගනුදෙනුව පිළිබඳ නිවේදනය පැමිණෙන්නේ ට්‍රම්ප්ගේ මඟ පෙන්වීම යටතේ එක්සත් ජනපද හමුදාව වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ අල්ලා ගැනීමට සහ ඔහුව එක්සත් ජනපදයට ගෙන්වා ගැනීමට මෙහෙයුමක් දියත් කර මාස නවයකට ආසන්න කාලයකට පසුවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා පැවසුවේ තම පරිපාලනය වෙනිසියුලාව සමඟ පුළුල් ගිවිසුමකට එළඹ ඇති බවත්, එය සාක්ෂාත් වුවහොත්, දකුණු ඇමරිකානු රටේ භාවිතයට නොගත් තෙල් සංචිතවලින් විශාල ප්‍රමාණයකට එක්සත් ජනපදයට ප්‍රවේශය ලබාදිය හැකි බවයි.

මේ අතර වෙනිසියුලාවේ රොඩ්‍රිගුස්ගේ රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම ගනුදෙනුවට බැරල් බිලියන 65 ක ඔප්පු කළ විභවයක් සහිත ක්ෂේත්‍ර 17ක් සංවර්ධනය කිරීම ඇතුළත් බවයි.

මෙම ගිවිසුම මගින් වෙනිසියුලාවේ තෙල් කර්මාන්තයට ඩොලර් බිලියන 100ක ආයෝජනයක් ලබාගත හැකි බවත් කැරකස් සඳහා ඩොලර් බිලියන 209 කට වඩා බදු උපයා ගත හැකි බවත් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15